නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද Harbour View Residencies නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක 350ක් ශ්‍රී ලංකා පොලීසිය වෙත මිලදී ගැනීමටත් එම නිවාස සදහා ප්‍රමාණවත් වාහන පහසුකම් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරවා ගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (05) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන නිලධරයන් සදහා නිවාස ඒකක ලබාදීමේ අරමුණ ඇතිව නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ 13, සිරිල් සී පෙරේරා මාවතේ නිවාස ඒකක 452කින් යුතු මහල් 14කින් සමන්විත Harbour View Residencies නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
බස්නාහිර පළාතේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි පොලිස් කොට්ඨාසයන්හි සේවයේ නියුතු නිලධරයන් හට නිල නිවාස ප්‍රමාණවත් පරිදි ලබාදී ඔවුන්ගෙන් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබාගැනීමේ අරමුණ ඇතිව එකී නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක 350ක් ශ්‍රී ලංකා පොලීසිය වෙත මිලදී ගැනීමට තීරණය කර ඇත.


