දකුණු කොරියාවේ E-8 රැකියා ලබාදෙන්නේ රජයෙන් පමණයි

දකුණු කොරියාවේ E-8 රැකියා ලබාදෙන්නේ රජයෙන් පමණයි
  • SocialShare:

දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බව එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසයි.

වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා නියෝජිතායතනයකට E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීමට අවසර ලබානොදෙන බැවින් ඔවුන්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙස ද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඒ මහතා මේ අදහස් පළකළේ, දකුණු කොරියාවේ E-9 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා හිමිවූ තරුණයින් පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවකට ඊයේ (25) එක්වෙමිනි.
නිසි කෘෂිකාර්මික දැනුමක් දැනුමක් සහිත සුදුසුකම් සහිත පුද්ගලයින් පමණක් මෙම වීසා කාණ්ඩය විවෘත කරන බව සඳහන් කළ ඒ මහතා ඒ සඳහා පුද්ගලයින් තෝරාගැනීම විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් පමණක් සිදු කරන බවද පැවසීය.

ඉදිරියේදී මෙම රැකියා සඳහා බඳවාගැනීම් සිදුකිරීමට අවශ්‍යකරන මාර්ගෝපදේශ සකස් කරන බවත්, ඒ අනුව ශ්‍රමිකයින් බඳවාගන්නා ක්‍රමවේදය හා අවශ්‍ය කරන මූලික සුදුසුකම් පිළිබඳව මාධ්‍ය ඔස්සේ රැකියා අපේක්ෂිතයින් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.