විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක් ව සංවිධානය කරන විද්‍යුත් විකාශන සමුළුව (Broadcasting Symposium) එළඹෙන ජුනි 25, කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.ඒ.කේ.එල් විජේනායක මහතා පැවසීය.
විද්‍යුත් විකාශකයන්ගේ සමුළුව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වි මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අතිරේක ලේකම්වරයා මේ බව පැවසීය.
විද්‍යුත් විකාශනයේ වර්තමාන අභියෝග සහ නව ප්‍රවණතා, නව මාධ්‍ය පැමිණිමත් සමග මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන අභියෝග, සහ මාධ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව මෙහිදී සකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය. එමෙන්ම ශ්‍රි ලංකාව අනාගතයේ විද්‍යුත් විකාශනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට මෙහි අරමුණ හෙතෙම පෙන්වා දුන්නේය.
එහිදී ඉදිරි වසර 05 දී විකාශන කර්මාන්තයේ අනාගතය, පවතින ගැටලු නිරාකරණය, ප්‍රකාශන අයිතීන් පිළිබදව සාකච්ඡා කිරීමට ද නියමිතය. සැසි කිහිපයකින් මෙම සමුළුව පැවැත්වීමට නියමිත බවත්, විදෙස් නිරීක්ෂකයින් මෙම සමුළුවට සහභාගීවිමට නියමිත බවද කීය
මෙම විද්‍යුත් විකාශන සමුළුව ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ට, මාධ්‍ය විද්වතුන්ට, මාධ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග වගකීම් සහ අනාගත අපේක්ෂාවන් ආමන්ත්‍රණය කිරීම සඳහා වේදිකාවක් වනු ඇති බවත්, සාදාචාරාත්මක මාධ්‍ය කලාවේ ගුණාත්මකභාවය සහ විනෝදාස්වාදය යන අංශ දෙක සදහා හොඳම භාවිතයන් ප්‍රවර්ධනය කරනු ඇති බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ සභාපති අසංග ජයසූරිය, ලේකම් ලක්සිරි විතානගේ, මාධ්‍ය විශ්ලේෂක හා උපදේශක නාලක ගුණවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


