කෘෂිකර්ම අමාත්‍යාංශය, රටේ වී අස්වැන්න වැඩි කිරීමට “Agri+” නමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබේ.
අද (21) මහා වාරි ව්‍යාපාර 38 හිදී, Agri+ වැඩසටහනේ වගා සහ නිෂ්පාදන ඉලක්ක සැලසුම් කිරීමේ වැඩසටහන පැවැත්විණි.
මෙම වැඩසටහන 2025–2028 කාලය තුළ ක්‍රියාත්මක වන අතර, රටපුරා ආදර්ශ යාය 500ක් නව තාක්ෂණික පැකේජ අනුව වී වගා කිරීම ප්‍රධාන ඉලක්කය වේ.
“Agri+” වැඩසටහන යටතේ නවීන තාක්ෂණ භාවිතය පුළුල් වීම මඟින්, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිෂ්පාදන ක්‍රම සම්පූර්ණයෙන්ම දියුණු වන අතර, ගොවීන්ට වැඩි අස්වැන්න ලබා ගැනීමේ සෘජු අවස්ථාවක් සපයයි.
තවද නව බීජ, උසස් පොහොර, කෘෂිකර්ම උපකරණ සහ ජල කළමනාකරණ ක්‍රම භාවිතා කිරීම මඟින් ගොවීන්ගේ කාර්යක්ෂමතාවය වැඩි වේ.
මෙම වැඩසටහනින් ගොවීන්ගේ ආදායම වැඩි කිරීමත්, ජීවන තත්ත්වය උසස් කිරීමත් සහ ආර්ථික ස්ථාවරභාවය වර්ධනය කිරීමත් සඳහා සෘජු බලපෑමක් ඇති කරයි. නව තාක්ෂණික දැනුම සහ නව ක්‍රමවේද ක්ෂේත්‍රයට හඳුන්වා දීම මෙමගින් අපේක්ෂා කරයි.
මෙම වැඩසටහනට ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සහ සහකාර අධ්‍යක්ෂ, වාරිමාර්ග කළමණාකරන අංශයේ අධ්‍යක්ෂ, මහා වාරි 38 හි නේවාසික ව්‍යාපාර කළමණාකාරවරුන් සහ කෘෂිකර්ම උපදේශකවරුන් සියල්ලන්ම සහභාගී විය.


