දෙවන ලෝක යුද්ධය අවසානයේ චීන ජනතාව තම රටට අවශ්‍ය වෙනස්කම් ගණනාවක් කරගත්තා - අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

දෙවන ලෝක යුද්ධය අවසානයේ චීන ජනතාව තම රටට අවශ්‍ය වෙනස්කම් ගණනාවක් කරගත්තා - අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල
  • SocialShare:

දෙවන ලෝක යුද්ධය අවසානයේ චීන ජනතාව තම රටට අවශ්‍ය සමාජ ආර්ථික හා දේශපාලනික වෙනස්කම් ගණනාවක් කරගත් බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල පවසයි.

අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා එසේ කියා සිටියේ ජපන් ආක්‍රමණය හා පැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය සමරමින් මෙරට චීන තානාපති කාර්යාලය සංවිධානය කර තිබූ උත්සවයේ ප්‍රධාන දේශනයට  එක්වෙමිනි.

උත්සවය අගෝස්තු 20 වනදා පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  රාජ්‍ය තාන්ත්‍රිකයින්, දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුලු ආරාධිත අමුත්තන්ගේ සහභාගත්වයෙන් පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“දෙවන ලෝක යුද්ධය අවසානයේ චීන ජනතාව තම රටට අවශ්‍ය සමාජ ආර්ථික හා දේශපාලනික වෙනස්කම් ගණනාවක් කරගත් බව ඉතිහාසය සාක්ෂි දරනවා. ඒ, නැවත ලෝක යුද්ධයක් අනවශ්‍යයි කියමින් බිහිකළ එක්සත් ජාතීන්ගේ සංගමයේ ආරම්භක සාමාජිකයෙක්ද වෙමින්. චීනය අද අත්පත්කරගෙන ඇති ආර්ථික අශ්චර්යයට එම වෙනස්කම් මග පෑදූ බව නොරහසක්. තම දුෂ්කර කාලවලදී චීන ජනතාව මුහුණ දුන් විනාශයන්, ඔවුන්ගේ එක්සත්කම සහ ජාතිකවාදය පිළිබඳ හඟීම ඔවුන් එක්සත් කර බලාපොරොත්තුවේ සහ ප්‍රතිසංස්කණයේ නව යුගයක් උදාකිරීමට උපකාරී වූ බව පැහැදිළියි. ශ්‍රී ලංකාව හා චීනය දීර්ඝකාලීන මිතුරන් බවද මෙහිදී අවධාරණය කළ යුතුයි”