හීලෑ අලි ඇතුන්ගේ සුභසාධනය සහ නියාමනයට නව නීති

හීලෑ අලි ඇතුන්ගේ සුභසාධනය සහ නියාමනයට නව නීති
  • SocialShare:

හීලෑ අලි ඇතුන් සම්බන්ධයෙන් නව රජයේ ප්‍රතිපත්ති හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි නීති සංශෝධනය කිරීම සහ අවශ්‍ය නව නීති හඳුන්වාදීම සඳහා අවධානය යොමු වී ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන් නියාමනය කිරීම සහ සංස්කෘතික කටයුතු සඳහා ඔවුන් යොදා ගැනීම සම්බන්ධයෙන් විධිමත් හා නීතිමය ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ විශේෂ කමිටුවේ ප්‍රථම රැස්වීම ඊයේ (16) පරිසර අමාත්‍යාංශයේ පැවැත් වුණු අතර එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

දේශීය සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කරමින් සත්ව සුභසාධනය සහ වනජීවී සංරක්ෂණය තිරසාර ලෙස පවත්වාගෙන යාම සඳහා හීලෑ අලි ඇතුන් සම්බන්ධ නීති පද්ධතිය විධිමත් කිරීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රතිපත්ති, නීති ප්‍රතිසංස්කරණ හා පාර්ලිමේන්තු කටයුතු) බුවනෙක හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම කමිටුවට වනජීවී, සත්වෝද්‍යාන, බෞද්ධ හා සංස්කෘතික කටයුතු, නීති සහ පරිසර ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වත් සාමාජිකයෝ එක්ව සිටියහ.