පොදු ප්‍රවාහනය වඩාත් ගුණාත්මක හා ආරක්ෂිත කිරීමේ අරමුණින් ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ ඊයේ (16) මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පොදු ප්‍රවාහනයේ නියුතු රියදුරන් සහ රිය සහායකයන් සඳහා අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂණයක් සිදු කෙරිණි.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ජංගම පරීක්ෂණාගාරය මඟින් රියදුරන් සහ රිය සහායකයන් 150 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ අතර, ඉන් සිව්දෙනෙකු අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව තහවුරු වී තිබේ.
ප්‍රවාහන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන දිවයින පුරා ව්‍යාප්ත කිරීමට නියමිත අතර, මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන්ට ආයතනික මෙන්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.


