‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුම ජූලි 27 සිට

‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුම ජූලි 27 සිට
  • SocialShare:

සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීමේ අරමුණින් සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුම ජූලි 27 සිට 31 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ අත්සනින් සියලු රාජ්‍ය ආයතන වෙත  චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

සුපිළිපන් නීතිගරුක රාජ්‍ය සේවයක්, සුපිළිපන් ඩිජිටල් රාජ්‍ය සේවයක්, මානව ගරුත්වයෙන් පිරි සමාජයක්, පාරදෘශ්‍ය මෙහෙයුම් ජාලයක් සහ තිරසාර හරිත සංස්කෘතියක් යන තේමා යටතේ මෙම ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කෙරේ. එහි අරමුණ වන්නේ කාර්යක්ෂම, පාරදෘශ්‍ය සහ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා ආචාරධාර්මික වටිනාකම් සහිත රාජ්‍ය සේවකයන් බිහිකිරීමයි.

ජනාධිපති කාර්යාලය නිකුත් කර එම නිවේදනය පහත දැක් වේ.

වැඩිදුර විස්තර >>>