වියට්නාමයේ 80වැනි ජාතික දිනය සහ ශ්‍රී ලංකා - වියට්නාම රාජ්‍ය සඉඳතාවයට වසර 55 සපිරීම නිමිත්තෙන් පැවති උත්සවය සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පසුගියදා සහභාගී විය.
එහිදී අමාත්‍යවරයා සිය අදහස් දැක්වීමේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබ පැතුම් එක් කළ අතර දෙරට අතර ශක්තිමත් මිත්‍රත්වය සහ සහයෝගීතාවය පෙන්වා දුන්නේය.
තවද වෙළඳාම, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, ආරක්ෂක සහ සංස්කෘතික හුවමාරුව හරහා සහයෝගීතාවයේ වර්ධනය පිළිබඳවත් පුනර්ජනනීය බලශක්තිය, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයේ නව අවස්ථා පිළිබඳවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ප්‍රගතිය සඳහා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබඳවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.


