ශ්රී ලංකා විදේශ අමාත්ය විජිත හේරත් මහතා අද පස්වරුවේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසි වාරය අමතන ලදී.
සෑම ශ්රී ලාංකිකයෙකුගේම අයිතීන් සහ යහපැවැත්ම දේශීය යාන්ත්රණයක් තුළ ආරක්ෂා කිරීමට රජය අවංකව කැප වී සිටින බවත්, එබැවින් ජාතික සංහිඳියා ක්රියාවලියට බාධා කරන කිසිඳු ජාත්යන්තර මැදිහත්වීමකට එකඟ නොවන බවත් විදේශ අමාත්යවරයා එහිදී පැවසීය.
ජනතාවගෙන් ලැබුණු ජනවරම තුළ තිබෙන වගකීම රජය හොඳින් දන්නා අතර, සාධාරණ, යුක්තිසහගත සහ සමෘද්ධිමත් සමාජයක් සඳහා වන ඔවුන්ගේ අභිලාෂයන් ඉටු කිරීමට කැපවී සිටින බවද විදේශ අමාත්යවරයා එහිදී පැවසීය.


