මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටි කිරි ගොවිපළ 520ක් මෙම වර්ෂය තුළ සංවර්ධනය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ, සත්ව සංවර්ධන උපදේශක ආර්.එන්.පී.විමලසේන මහත්මිය සඳහන් කළාය.
එහි මධ්‍යම පළාත් කාර්යාලයේ මෙහෙයවීම පරිදි ගොවිපළවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ කිරි ධාරිතාවය ඉහළ නංවා දේශීය කිරි පරිභෝජනය වැඩි කිරීමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කර ඇත.
ගොවිපළවල දෛනික කිරි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම එහි එක් අපේක්ෂාවක් වන අතර, ලීටර් 20ක් දක්වා කිරි ලබාගත හැකි ගොවිපළ 300ක් සහ ලීටර් 20 සිට 40 දක්වා කිරි ලබාගත හැකි ගොවිපළ 96ක් මේ යටතේ සංවර්ධනය කිරිමට බලාපොරොත්තුව වන බවද ඇය සඳහන් කළාය.
දිනකට ලීටර් 100කට වඩා කිරි ලබාගත හැකි ගොවිපළ 28ක්ද මේ යටතේ සංවර්ධනය කිරීමට නියමිතය.
ඊට සමගාමීව ගොවිපළවල ප්‍රමිතිය හා ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම, කිරි පට්ටි ආශ්‍රිත රෝග හඳුනා ගැනීම, ජනන කාර්යක්ෂමතා ක්‍රියාවලිය ඇතුළු වැඩසටහන් රැසක් මෙම ගොවිපළ කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.


