හදිසි ආපදා තත්වය නිසා ඇති වූ ජාතික ව්‍යවසනයෙන් මිදිමට රජයෙන් රුපියල් බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක්

හදිසි ආපදා තත්වය නිසා ඇති වූ ජාතික ව්‍යවසනයෙන් මිදිමට රජයෙන් රුපියල් බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක්
  • SocialShare:

ආපදාවෙන් විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයාගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ(03) පස්වරුවේ  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම වෙනුවෙන් සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් මෙම යෝජනාව සභාව වෙත ඉදිරිපත් කරනු ලැබීය.