2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 10 ( ඉරිදා) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2787 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් සඳහන් කරයි.
විභාගයට අයදුම් කළ විභාග අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛන අදාළ පාසලේ විදුහල්පති වෙත මේ වන විට යවා ඇති අතර මෙතෙක් එම ලේඛන ලැබී නොමැති විදුහල්පතිවරුන්ට http://www.donets.lk හෝ http://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් පැමිණීමේ ලේඛන බාගත කරගත හැක.
අයදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කළ යුතු නම් 2025 ජූලි 25 සිට 2025 අගෝස්තු 04 දින දක්වා මාර්ගගතව සංශෝධනය කිරීමටත් පහසුකම් සලසා දී ඇත.


