වැඩිහිටියන් සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම අරඹයි

වැඩිහිටියන් සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම අරඹයි
  • SocialShare:

වැඩිහිටියන් සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම ආරම්භ කර ඇතැයි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසීය.

මෙම කෙටුම්පත  සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන, සංවිධාන, සහ විශේෂඥ පුද්ගලයන්ගේ අදහස් විමසීම සඳහා  ඊයේ(21) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විශේෂ වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවේ සිටින සියළුම වියපත් පුද්ගලයන්ට අභිමානයෙන් සහ ආරක්ෂා සහිතව සෞඛ්‍ය සේවා, ආදායම් සහ සමාජ ආරක්ෂාව සඳහා සමාන ප්‍රවේශයක් සැකසීම සහ තම පවුල සහ ප්‍රජා ජීවිතයේ විවිධ විශේෂ අවස්ථාවලට සහභාගිවීමට ඇති අයිතිය තහවුරු කිරීමේ දැක්ම සහිතව මෙම වැඩිහිටි ප්‍රතිපත්තිය  කෙටුම්පත් කිරීම ආරම්භ කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

 2006 වර්ෂයේ සකස් කල වැඩිහිටියන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් වර්තමානයේ ක්‍රියාත්මක වන අතර නව ප්‍රතිපත්තියක අවශ්‍යතාව හඳුනාගනිමින් ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ  හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ වැඩිහිටියන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය මගින් මෙම  කෙටුම්පත සකස්  සිදු කෙරේ.

මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධාන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, වැඩිහිටි පුද්ගලයන් සඳහා වන ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, ආමාත්‍යංශ 19ක නියෝජිතයන්, ශාස්ත්‍රීය හා පර්යේෂණ ආයතන නියෝජිතයන් සහ අන්තර් ජාතික සහයෝගිතා ආයතන නියෝජිතයන් එක්ව සිටියහ.