ජාතික තරුණ සේවා සභාවට වසර 45 කට පසු පළමු වරට එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර බලපත්‍රයක්

ජාතික තරුණ සේවා සභාවට වසර 45 කට පසු පළමු වරට එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර බලපත්‍රයක්
  • SocialShare:

එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර තිළිණ වැඩසටහන වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාවට වසර 45 කට පසු පළමු වරට පූර්ණ NAO බලපත්‍රයක් හිමි වී ඇතැයි ජාතික තරුණ සේවා සභාව පවසයි.

මේ පිළිබඳ සාකච්ඡාවක්   එඩින්බරෝ සභා අධ්‍යක්ෂක මණ්ඩලය සහ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ජනරාල් නීතීඥ සුපුන් විජේරත්න සමඟ පසුගියදා(27)මහරගම තරුණ සේවා සභා අධ්‍යක්ෂක මණ්ඩල කාර්යාලයේ දී පැවැත්විණි.

රටවල් 130ක ක්‍රියාත්මක එඩින්බරෝ ආදිපාද තිලිණ වැඩසටහන, ජාතික තරුණ සේවා සභාව හරහා මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතීයි.

තරුණ තරුණියන්ගේ පෞරුෂත්වය, නායකත්වය, කුසලතා වර්ධනය කරමින් ජාතික හා ජාත්‍යන්තර අභියෝග ජයගත හැකි තාරුණ්‍යයක් නිර්මාණය කිරීම එඩින්බරෝ වැඩසටහනේ අරමුණ වන අතර,  පසුගිය කාල සීමාවේ නිසි ක්‍රමවේද යටතේ සක්‍රීය නොවුනු මෙම වැඩසටහන ජාතික තරුණ සේවා සභාවේ අධීක්ෂණය යටතේ නැවත නිවැරදි ක්‍රියාවලියක් තුළ සාධනීය වර්ධනයක් අත්පත් කරගැනීම හේතුවෙන් බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් මෙම විශේෂ බලපත්‍රය හිමිව තිබීම විශේෂත්වයකි .

මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුපුන් විජේරත්න මහතා, එඩින්බරෝ තිළිණ ඒකකයේ වත්මන් ජාතික අධ්‍යක්ෂක රමනන් සෙල්වනාතන් මහතා ඇතුළු පිරිසක් සහභාගී  වූහ.