තරුණ සේවා සභාවේ තරුණ තරුණියන් 31ක් ඉන්දියාවට සහ බංගලාදේශයට

තරුණ සේවා සභාවේ තරුණ තරුණියන් 31ක් ඉන්දියාවට සහ බංගලාදේශයට
  • SocialShare:

ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන් 31 දෙනෙක් සඳහා ඉන්දියාවේ සහ බංගලාදේශයේ තරුණ හුවමාරු වැඩසටහනක් සඳහා අවස්ථාව හිමිව තිබේ.

ඒ අනුව ඉන්දියාවට තරුණ තරුණියන් 13 දෙනෙක් සහ බංගලාදේශයට 18 දෙනෙක් පිටත් වීමට නියමිතය.

එම රටවල්වලින් කරන ලද ආරාධනාවකට අනුව යූත් ක්ලබ් ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සම්මේලනවල විදේශ සංචිතයෙන් තෝරාගත් තරුණ තරුණියන් මෙලෙස විදේශ ගත වීමට නියමිතය.

ඒ අනුව අද (25දා) එම තරුණ තරුණියන් සඳහා වීසා සහිත ගුවන් ගමන් බලපත්‍ර සහ ගුවන් ටිකට්පත් ලබාදීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතින් සිදුවිය. එම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජෙනරාල් නීතඥ සුපුන් විජේරත්න එක්ව සිටියහ.

සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි මේ සඳහා තරුණ තරුණියන් තෝරා ගෙන ඇති අතර, සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව මෙම තරුණ තරුණියන් තෝරාගෙන ඇත.

මේ අනුව මෙම තරුණ තරුණියන් එළඹෙන 30 වැනිදා ඉන්දියාව සහ 26 වෙනිදා බංගලාදේශය බලා පිටත් වීමට නියමිතය.