අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසීය.
වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඊයේ(15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ් මහතා මේ බව පැවසීය.
මෙවර ප්‍රකාශ ඉදිරිපත් කිරීම සිදු කළ යුත්තේ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා පමණක් වන අතර, නියමිත දිනට පෙර එය නොකළහොත් දඩ මුදල් හා නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවන බවද ඒ් මහතා පැවසීය.
මෙවර වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා පෙර භාවිත කළ සාම්ප්‍රදායික කඩදාසි පෝරම ක්‍රමවේදය අහෝසි කර ඇති අතර, මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය (Centralized Electronic System) හරහා පමණක් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වේ. 2026 මාර්තු 31 දින හඳුන්වා දුන් මෙම පද්ධතියේ ලියාපදිංචි වී ඇති පිරිස තවමත් අඩු මට්ටමක පවතින බව ද කොමිෂන් සභාව පෙන්වා දෙයි.
නව නීතිමය ප්‍රතිපාදන යටතේ ලියාපදිංචි වෘත්තීය සමිතිවල විධායක නිලධාරීන්, පුවත්පත් හිමිකරුවන්, කර්තෘවරුන් සහ කර්තෘ මණ්ඩල සාමාජිකයන්, බලපත්‍රලාභී විකාශන ආයතනවල හිමිකරුවන් සහ කර්තෘ මණ්ඩල සාමාජිකයන්, ජාතික ක්‍රීඩා සංගම්වල නිලධාරීන් සහ රේගු නියෝජිතයන් ද වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු නව කාණ්ඩ අතරට ඇතුළත් කර ඇතැයිද ඒ් මහතා පැවසීය.
මෙතෙක් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති නම් හෝ ඒ් පිළිබඳව නිසි දැනුම්වත් වීමක් නොමැති නම් තම ආයතන ප්‍රධානියාගෙන් ඒ පිළිබඳ තොරතුරු ලබා ගන්නා ලෙසද ඒ් මහතා පැවසීය.
වැඩිදුර තොරතුරු සඳහා 1954 කෙටි දුරකථන අංකය, CIABOC වෙබ් අඩවිය හෝ 076 701 1954 / 011 258 7287 යන දුරකථන අංක ඔස්සේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අංශය සම්බන්ධ කරගත හැකිය.


