මෙරට ජනතාවට ගුණාත්මක සහ ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමූණ පෙරදැරිව සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීම උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙලට අනූව රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා ලදි.
එම පත්වීම් ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ (27) කොළඹ පදනම් ආයතනයේ දී සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන ලද්දේ අද දිනයේ රාජ්‍ය සේවයට එක්වන මෙම පිරිස ජිවිතයේ තවත් එක් කඩයිමකට පා තබන බවත්, මෙම නව පත්වීම්ලාභීන් රාජ්‍ය සේවය මෙන්ම සෞඛ්‍ය සේවාවට සාදරයෙන් පිළිගන්නා බවයි.
ලක්ෂ එකහමාරක් පමණ වන සෞඛ්‍ය සේවකයින් අතර වැදගත් වූ සේවාවකට එක් වන මෙම නව පත්වීම්ලාභීන් 213 දෙනාගෙන් වසර 30 ක් වැනි කාලයක් තුළ මෙරට රාජ්‍ය සේවාවේ සහ සෞඛ්‍ය සේවාවේ උන්නතිය උදෙසා වගකීමෙන් යුතුව ජනතාව බලාපොරොත්තු වන උසස් සේවාව බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය පසුගිය 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබු නමුත්, අයදුම්පත්ලාභීන් සඳහා එම තරඟ විභාගය පවත්වන ලද්දේ 2025 වසරේ දීය.
එම තනතුර සඳහා 226 දෙනෙකු බඳවා ගැනීමට අනුමැතිය ලැබී තිබු අතර, විවෘත තරඟ විභාගය අනූව සුදුසුකම් සපුරන ලද 246 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා භාජනය කර ඉහත 213 දෙනා එම තනතුර සඳහා තෝරා ගෙන ඇත.
අද දින රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුරේ පත්වීම්ලාභීන් හට සති දෙකක ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවක් ලබාදීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සැළසුම් කර ඇත.
රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා අනුමත කාර්ය මණ්ඩලය 2,617 ක් වන අතර, 1,906 ක පිරිසක් මේ වන විට සෞඛ්‍ය සේවාවේ නිරත වේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන I) ජී.එම් ජනක කිත්සිරි ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන I) ඒ.බී.ඩබ් කුමාරසිංහ යන මහත්වරුන් මෙන්ම අතිරේක ලේකම්වරුන්, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, මූල්‍ය නිලධාරින් සහ අධ්‍යක්ෂවරුන් ඇතුළු පත්වීම්ලාභීන් එක්ව සිටියහ.


