ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය, කඩිනම් මූල්‍ය පහසුකම (Rapid Financing Instrument – RFI) යටතේ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 206ක් ලබා දීමට අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, එම මූල්‍ය පහසුකම ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා IMF විධායක මණ්ඩලය ඊයේ (19) රැස් වූ අතර, එහිදී අදාළ මුදල් ලබා දීමට එකඟතාවය පළ වී තිබේ.


