2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට තීරණයක්

2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට තීරණයක්
  • SocialShare:

2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක චක්‍රලේඛය අද (2) නිකුත් කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්, පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු මෙය ක්‍රියාත්මක නොකරන බව එම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනය පහතින්දැක්වේ.

WhatsApp Image 2026 01 02 at 9.49.54 AM