නාගරික ජනතාවට මහල් නිවාස සංකීර්ණ මෙන්ම අඩු ආදායම් ලාභීන්ට නව නිවාස යෝජනා ක්‍රම සහ මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙමින් මෙරට නිවාස අහිමි ජනතාවට තමාගේ නිවසක ජීවත් විය හැකි රටක් නිර්මාණය කරන බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ ඉදිකරන ලද නව නිවාස 3ක් ප්‍රතිලාභී නිවාස හිමියන් වෙත ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
නිවාස සංවර්ධන අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම නිවාස ඉදි කර තිබේ.
“සැමට නිවාස - ක්ලීන් ශ්‍රී ලංකා“ තේමාව යටතේ නිවාස සංවර්ධන අධිකාරිය ආරම්භ කර ඇති මෙම නිවාස ව්‍යාපෘතිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ. නිවසක් තනා ගැනීමට නොහැකි අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙම නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවසක් ඉදිකර ගැනීමට රුපියල් මිලියනයක මූල්‍ය ප්‍රතිපාදන ලබාදේ.
ජනාධිපතිවරයාගේ නාකත්වයෙන්, ජනතාවාදී රජයක් ලෙස ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉහළ ඵලදායීතාවයෙන් යුතුව ගොඩනැංවීමට අවශ්‍ය තිරසර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් ග්‍රාමීය සහ නාගරික ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනයට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙමින්, ඉලක්කගත වැඩපිළිවෙලක් තුළින් පරිවර්තනීය යුගයක් කරා රට මෙහෙයවමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.


