රාජ්‍ය දෘශ්‍ය කලා ක්ෂේත්‍රෙය් උන්නතිය සඳහා විශේෂ සාකච්ඡාවක්

රාජ්‍ය දෘශ්‍ය කලා ක්ෂේත්‍රෙය් උන්නතිය සඳහා විශේෂ සාකච්ඡාවක්
  • SocialShare:

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ රාජ්‍ය දෘශ්‍ය කලා අනුමණ්ඩලයේ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (12) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කලා මණ්ඩලයට වෙන් කෙරෙන රාජ්‍ය ප්‍රතිපාදන එහි අනුමණ්ඩල නවය අතර සාධාරණ ලෙස බෙදා වෙන් කිරීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

චිත්‍ර, මූර්ති, කැටයම්, ඡායාරූපකරණය සහ ගෘහ නිර්මාණ ශිල්පය ඇතුලු දෘශ්‍ය කලා ක්ෂේත්‍රයට අයත් සියලු කලා අංශ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් හරවත් සංවාදයක් ද මෙහෙයවීය.

ජාතික කලාභවනේ කටයුතු විධිමත් කිරීම, ජාතික ඡායාරූප මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, සංස්කෘතික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම සහ පුවත්පත් කලාවේ නිරත චිත්‍ර ශිල්පීන් මුහුණදෙන ගැටලුවලට විසඳුම් සෙවීම ඇතුලු කරුණු රැසක් පිළිබඳ වැදගත් තීරණ ගන්නා ලදි.

මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් වැඩි ප්‍රතිපාදන ලබාගැනීමේ හැකියාව පිළිබඳව කීර්ති වැලිසරගේ මහතා කරුණු පැහැදිලි කළේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රේමරත්න තෙන්නකෝන් මහතා, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ කේ.එස්. දිල්හානි මහත්මිය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සභාපති කීර්ති වැලිසරගේ මහතා, දෘශ්‍ය කලා අනුමණ්ඩලයේ සභාපති ප්‍රගීත් රත්නායක මහතා ඇතුළු දෘශ්‍ය කලා ක්ෂේත්‍රයේ කලාකරුවන් රැසක් එක්ව සිටියහ.