නූතන හෙද සේවයේ නිර්මාතෘවරිය ලෙස සැලකෙන Florence Nightingale මහත්මියගේ ජන්ම දිනය නිමිති කරගනිමින් සැමරෙන ජාත්‍යන්තර හෙද දිනයට අදාළ මෙරට ප්‍රධාන සැමරුම් උත්සවය ඊයේ (12) කොළඹ ජාතික රෝහලේ ස්නායු ක්ෂති වෛද්‍ය අංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සමස්ත ලංකා හෙද සංගමය සංවිධානය කර මෙම ප්‍රධාන සැමරුම් උත්සවය ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියගේ සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙවර ජාත්‍යන්තර හෙද දිනයේ ප්‍රකාශයට පත් කරන ලද නිල තේමාව වන්නේ "අපගේ හෙද සේවය අපගේ අනාගතයයි. සවිබලගැන්වූ හෙද සේවය ජීවිත සුරකී" (Our Nurses our Future : Empowered Nurses Save Lives) යන්නයි.
සෞඛ්‍ය පද්ධතිය තුළ මෙන්ම සමාජය වෙනුවෙන් හෙදියන් ඉටුකරන සුවිශේෂී සේවය, ඔවුන්ගේ කැපවීම සහ වෘත්තීය ගරුත්වය ඇගයීම මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන අරමුණ විය.
උත්සවයේ අරමුණු පැහැදිලි කිරීම සමස්ත ලංකා හෙද සංගමයේ අධ්‍යාපන ලේකම් ප්‍රසාද් පලිපාන මහතා විසින් සිදු කළ අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ හෙද පීඨයේ මහාචාර්ය සුදත් වර්ණකුලසූරිය සහ රුහුණු විශ්ව විද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ හෙද දෙපාර්තමේන්තු ප්‍රධානි මහාචාර්ය නිර්මලා රත්නායක යන මහත්මීන් විසින් ප්‍රධාන දේශන පැවැත්වීය.
ලෝක හෙද සේවයේ නිර්මාතෘ ෆ්ලෝරන්ස් නයිටිංගේල් (Florence Nightingale) ගුණානුස්මරණය සහ "හෙදකම" සඟරාව නිල වශයෙන් පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.
ෆ්ලෝරන්ස් නයිටිංගේල් (Florence Nightingale) ගුණානුස්මරණය සහ "හෙදකම" සඟරාව නිල වශයෙන් පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) II චාමික එච් ගමගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II සුමේදා ප්‍රියභාෂිණි, ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ප්‍රදීප් විඡේසිංහ, ශ්‍රී ලංකා හෙද සභාවේ සභාපති ඩබ්.ඒ කීර්තිරත්න, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ මෙහෙයුම් කමිටු සමාජික ඩි.එම් විඡේරත්න, සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී මැදිවත්ත මහතා ඇතුළු එම සංගමයේ සාමාජික සමාජිකාවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


