දිවයින පුරා විහිදුණු යොවුන් මාධ්‍යවේදීන්ගේ ජාලයක් ස්ථාපිත කිරීමේ ඒකාබද්ධ වැඩසටහන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (11) තරුණ කටයුතු අමාත්‍යාංශයේදී විශේෂ හමුවක් පැවැත්විණි.
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු හෙන්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න යන මහත්වරුන් සමඟ එක්ව, දිවයින පුරා සිටින තරුණ තරුණියන්ට හිමිවන මාධ්‍ය අවකාශයන් වඩාත් ගුණාත්මක සහ වෘත්තීය මට්ටමකට ඔසවා තැබීමේ මෙම වැඩසටහනට අදාළ මූලික රාමුව මේ වන විට සකස් කරමින් සිටී.
ජනමාධ්‍ය සහ තරුණ කටයුතු යන අමාත්‍යාංශ ද්විත්වයේම ඒකාබද්ධ ප්‍රයත්නයක් ලෙස මෙම යොවුන් මාධ්‍ය ජාලය නුදුරේදීම නිල වශයෙන් දියත් කිරීමට නියමිතය.


