විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා, බෙලරුස් ජනරජයේ විදේශ අමාත්‍ය මැක්සිම් රයිබෙනකොව් මහතාගේ ආරාධනයකට අනුව අද(12) සිට 15 දක්වා බෙලරුස්හි නිල සංචාරයක නිරත වෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
පසුගිය වසරේ දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 25 වැනි සංවත්සරය සැමරීමෙන් අනතුරුව සිදු වන මෙම සංචාරය, ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.
මින්ස්ක් නගරයේදී අමාත්‍යවරයා, ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ජනාධිපතිවරයා හමුවීමට නියමිත අතර, බෙලරුස් විදේශ අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා ද පැවැත්වීමට නියමිතය.
එමෙන්ම, බෙලරුස් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟද සාකච්ඡා පැවැත්වෙන අතර, දෙරට අතර විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් සහ එකඟතා කිහිපයක් අත්සන් කිරීමට ද අපේක්ෂා කෙරේ.
සංචාරය අතරතුරදී බෙලරුස් ජාතික අපනයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ව්‍යාපාරික හා සංචාරක වටමේස රැස්වීමක් ඇමතීමට ද අමාත්‍ය විජිත හේරත් මහතා නියමිතය.
තවද, බෙලරුස්හි අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් හමුවීමට ද අමාත්‍යවරයා සැලසුම් කර තිබේ


