ශ්රී ලංකාවේ සෞඛ්ය සේවා සම්බන්ධීකරණය දිස්ත්රික් මට්ටමින් ශක්තිමත් කිරීම සඳහා සෑම දිස්ත්රික්කයක් සඳහාම පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් දිස්ත්රික් සෞඛ්ය සම්බන්ධීකරණ නිලධාරී ලෙස පත් කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්රිකාවකට අනුව මෙම පත්කිරීම් සිදුකර ඇති අතර, රෝග නිවාරණ හා ප්රතිකාර සේවා වඩාත් කාර්යක්ෂමව ජනතාව වෙත සමීප කිරීම මෙහි අරමුණයි.
රේඛීය හා පළාත් සෞඛ්ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, ප්රාදේශීය සෞඛ්ය අවශ්යතා හඳුනාගෙන ජාතික සැලසුම් සමඟ ඒකාබද්ධ කිරීම, සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීම සහ සංවර්ධන ව්යාපෘති නිරීක්ෂණය කිරීම ඇතුළු වගකීම් මෙම නිලධාරීන් වෙත පැවරේ.
අනුරාධපුර, කොළඹ, ගම්පහ, මහනුවර, ගාල්ල, කුරුණෑගල ඇතුළු සියලු දිස්ත්රික් ආවරණය වන පරිදි මන්ත්රීවරුන් 22 දෙනෙකු මේ සඳහා නම් කර ඇත.


