මෙරට දේශීය අර්තාපල් ගොවීන් ආරක්ෂා කිරීමට කඩිනම් විසඳුමක් ලෙස දේශීය අර්තාපල් අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් හෙට (10) සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය
දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 220ක සහතික මිලකට මිලදී ගැනීම හෙට (10) නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ පිහිටි සී/ස නුවරඑළිය කෘෂිකර්ම සමුපකාර සමිතියේ මිලදී ගැනීමේ මධ්‍යස්ථානයේදී ආරම්භ කරන බව අමාත්‍යවරයා පැවසුවේය.
එමෙන්ම, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (CWE) හරහා අර්තාපල් මිලදී ගනිමින්, ලංකා සතොස මගින් පාරිභෝගිකයන්ට සහන මිලට ලබාදීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.
ඒ අනුව, එක් ගොවියෙකුගෙන් උපරිම අර්තාපල් කිලෝග්‍රෑම් 1,000ක් දක්වා මිලදී ගැනීමට නියමිතය.
ගොවීන්ට සිය අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීම සහ පාරිභෝගිකයාට සහන මිලට දේශීය අර්තාපල් ලබාදීම අරමුණු කරගනිමින්, රජය සහ පෞද්ගලික අංශයේ වෙළෙඳ ජාල එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.


