මලෛයගම් ජනතාවගේ ගැටලුවට විසඳුම් ලබාදුන්නේ වත්මන් රජයයි - ඇමති නලින්ද

මලෛයගම් ජනතාවගේ ගැටලුවට විසඳුම් ලබාදුන්නේ වත්මන් රජයයි - ඇමති නලින්ද
  • SocialShare:

පසුගිය වසර එකහමාරක කාලය තුළ මෙලෛයගම් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා රජය විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මින් පෙර බොහෝ දෙනා එම ජනතාව රැවැට්ටූ බවද ඔවුන්ගේ මූලික වැටුප් ප්‍රශ්නයටද විසඳුමක් ලබා නොදුන් බවද සිහිපත් කළ අමාත්‍යවරයා වත්මන් රජය ඔවුන්ගේ වැටුප් ප්‍රශ්නයට පිළිතුරක් ලබාදුන් බවද අවධාරණය කළේය.

විපක්ෂය මෙලෛයගම් ජනතාවගේ මෙම වැටුප් ලබාදීමට එරෙහිව කටයුතු කළ බව සිහිපත් කළ අමාත්‍යවරයා වත්මන් රජය ඔවුන්ට අධ්‍යාපනය, සෞඛ්‍යය, රැකියා ලබාදීම සහ නිවාස ලබාදීම වෙනුවෙන් මේ වන විට වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද සදහන් කළේය.

එම ජනතාවගේ ජීවිත පිළිබඳව අවබෝධයක් ඇතැයිද ඔවුන්ට ශතවර්ෂ ගණනාවක් බරපතල අසාධාරණයක් සිදුවූ අතර එයට එරෙහිව විවිධ අමාත්‍යංශ මට්ටමෙන් වැඩි අවධානයක් යොමු කර ඇතැයිද පැවසුවේය. අධ්‍යාපනය සම්බන්ධයෙන්ද ඔවුන්ට පවත්නා ප්‍රශ්න සම්බන්ධයෙන් රජය ඉතාම සංවේදී බවද අවධාරණය කළේය.