උත්සව සමය වෙනුවෙන් දුම්රිය මගීන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රියන් ධාවනය කිරීමට කටයුතු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව මෙම මස 10,11,12,15,16,17,18 සහ 19 යන දිනයන් සඳහා මෙලෙස විශේෂ දුම්රියන් ධාවනය කෙරේ.
එසේම මෙම කාලසීමාව තුළ ධාවනය වන සියලුම දුම්රියන් පිළිබඳව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය www.railway.gov.lk වෙත පිවිස ලබා ගත හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
දුම්රිය කාලසටහන් සබැඳිය


