වසර 62ක් පැරණි ජල සම්පත් මණ්ඩල පනත සම්පූර්ණයෙන් සංශෝධනය කිරීමට අදාළව මූලික සාකච්ඡාවක් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (9) පරිසර අමාත්‍යංශයේදී පැවැත්විණි.
එම කමිටුව මගින් ජල මූලාශ්‍ර හඳුනාගෙන ඒවා ගැසට් කිරීම, සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ජල සම්පත් ආරක්ෂණ ක්‍රමවේදයන් අධීක්ෂණය කිරීම සිදු කිරීමට නියමිත අතර ජල මූලාශ්‍ර සංරක්ෂණය කිරීම වෙනුවනේ ශාක රෝපණය වැඩසටහන් ආරම්භ කිරීමටද නියමිත වේ.ය.
එසේම මෙරට මතුපිට සහ භූගත ජල සම්පත් සුරක්ෂිත කිරීම සහ තිරසර ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් විශේෂ අමාත්‍යංශ කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිව තිබේ.
මෙරට මතුපිට සහ භූගත ජල සුරක්ෂිතතාව තහවුරු කිරීමට ශක්තිමත් නීතිමය රාමුවක් අවශ්‍යය බවත් ජල මූලාශ්‍ර ගැසට් කිරීමට එළඹෙන ජගත් පරිසර දිනයට සමගාමීව තිරසර දියවර වැඩසටහන යටතේ දීප ව්‍යාප්තව ප්‍රජා මූල වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් මෙහිදි අදහස් දැක්වූ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කළේය.
පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ ජාතික ජල සම්පත් මණ්ඩලයේ නිලධාරීන්, මධ්‍යම පරසර අධිකාරියේ නිලධාරීන් සහ පරිසර අමාත්‍යංශයේ ස්වභාවික සම්පත් කලමනාකරණ අංශයේ නිළධාරීන් මෙම කමිටුවේ සාමාජිකයන් වේ


