යල කන්නයේදී ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න - වාරිමාර්ග අධ්‍යක්ෂ

යල කන්නයේදී ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න -  වාරිමාර්ග අධ්‍යක්ෂ
  • SocialShare:

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සැලකිල්ලට ගනිමින්, මෙම යල කන්නයේදී ජලය මනා කළමනාකරණයකින් සහ අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂ සහ ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා පවසයි.

අද (03) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

සියලුම ගොවි මහතුන් සහ අදාළ ක්ෂේත්‍ර නිලධාරීන් ජල කළමනාකරණය සම්බන්ධයෙන් කාර්යක්ෂමව සහ විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

බිම් සැකසීමේදී හැකි සෑම අවස්ථාවකම අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය භාවිතා කරන ලෙසද ඔහු උපදෙස් දුන්නේය.

ජල කළමනාකරණ කමිටු සහ අනෙකුත් කමිටු විසින් ජල පාලනය සඳහා ගන්නා තීරණ අනුව කටයුතු කරන ලෙසද ගොවි මහතුන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ වනවිට බොහෝ වාරි ව්‍යාපෘතිවල වගා කටයුතු ආරම්භ වී ඇති අතර, බිම් සැකසීම සහ වගා ප්‍රතිස්ථාපනය වැනි කටයුතු සිදු කෙරෙමින් පවතින බවද ඔහු පැවසීය.

වාරි ව්‍යාපෘති 205ක බිම් සැකසීම මේ වනවිට අවසන් වී ඇති අතර, අනෙකුත් ව්‍යාපෘතිවල යල කන්නයට අදාළ බිම් සැකසීම සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව සිදු කිරීමට නියමිත බවද සඳහන් කළේය.