මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන තත්වය හේතුවෙන් රියාද් සහ ඩුබායි වෙත තාවකාලිව නතර කර තිබු ගුවන් ගමන් නැවත ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැනුම් දෙයි.
ඒ අනුව ඊයේ (09) සිට කටුනායක සිට රියාද් දක්වා සහ අද (10) සිට ඩුබායි දක්වා දිනපතා ගුවන් ගමන් ආරම්භ කර තිබේ.
UL 265 දරන ගුවන්යානය කොළඹ සිට රියාද් බලා සවස 6.15 පිටත් වීමට නියමිත අතර UL266 දරන ගුවන්යානය රියාද් සිට කොළඹ බලා එරට වෙලාවෙන් රාත්‍රී 10.35 ට පිටත් වීමට නියමිත වේ.
කවද UL 231 දරන ගුවන් යානය කොළඹ සිට ඩුබායි දක්වා දහවල් 12.40ට පිටත් වීමට අතර UL 232 දරන ගුවන් යානය ඩුබායි වේලාවෙන් පස්වරු 5.00ට පිටත් වීමට නියමිත බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් දැනුම් දෙයි.
එසේම මේ පිළිබඳව වැඩිදුර තොරතුරු www.srilankan.com වෙබ් අඩවියෙන්, 1979 ක්ෂණික දුරකතන අංකයෙන් හෝ +94 11 777 1979 (අන්තර්ජාතික) හෝ +94 74 444 4979 whatsapp අංකයට පණිවිඩයක් යොමු කිරීමෙන් ලබා ගත හැකි බවද එම ගුවන් සමාගම පවසයි.


