ඉරාන උත්තරීතර නායකගේ අභාවය පිළිබඳව විදේශ ඇමති ශෝකය පළ කරයි

ඉරාන උත්තරීතර නායකගේ  අභාවය පිළිබඳව විදේශ ඇමති ශෝකය පළ කරයි
  • SocialShare:

ඉරාන ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකාව වෙනුවෙන් ශෝකය පළ කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පණිවිඩයක් තබා ඇත.


විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, අයතුල්ලා අලි කමේනි මහතාගේ නායකත්ව කාලය තුළ ශ්‍රී ලංකා–ඉරාන ද්විපාර්ශ්වික සබඳතා සැලකිය යුතු ලෙස පුළුල් වූ බවයි.