බදුල්ලේ අධ්‍යාපනය ගොඩනැඟීමට සුහුරු පුවරු

බදුල්ලේ අධ්‍යාපනය ගොඩනැඟීමට සුහුරු පුවරු
  • SocialShare:

බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් 231ක් සඳහා සුහුරු පුවරු (smart board) 231ක් සංකේතාත්මකව බෙදා දීම අද හාලිඇල සම්පත් මධ්‍යස්ථානයේ දි සිදු කරන ලදී.

අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනයක් උදෙසා 2025 වසර අවසන් වන විට සෑම ද්විතීයික පාසලකටම අවම වශයෙන් එක් ඩිජිටල් පුවරුවක් සහ එක් ක්‍රියාකාරී පරිගණකයක් බැගින් ලබා දීමට රජය තීරණය කළ අතර, ඒ සඳහා පළාත් 09 වෙත රුපියල් මිලියන 1640.75 ක් වෙන් කරන ලදි. මේ වන විට සියලුම පළාත් විසින් උපකරණ මිලදී ගැනීමේ කටයුතු සම්පූර්ණ කර ඇත.

​ඒ අනුව සුහුරු පුවරු (Smart boards) - 2584 ක් මිලදි ගෙන ඇති අතර ඒ අතුරින් මිලියන 152 ක වටිනාකමින් යුතු Smart Board 363ක් ඌව පළාත වෙනුවෙන් වෙන් කර ඇත.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, ඌව පළාත් ආණඩුකාර කපිල ජයසේකර මහතා,  බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා,  හාලිඇල ප්‍රාදේශිය සභා සභාපති ප්‍රියන්ත වරුෂමාන මහතා, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්තුමන්, ඌව පලාත් අධ්‍යාපන ලේකම්තුමන් ඇතුලු අධ්‍යාපන කේෂ්ත්‍රයේ නිළදාරී මහත්ම මහත්මීන් සහ විදුහල්පතිවරුන් සහභාගී විය.