යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමේ 27 වැනි සැසිවාරය ඊයේ (12) කොළඹ දී පැවැත්විණි.
මෙම රැස්වීමේදී ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කරන ලද අතර පාලනය , සංහිඳියාව ,මානව හිමිකම් , වෙළඳාම, සංවර්ධන සහයෝගීතාව , අධ්‍යාපනය , ධීවර කටයුතු, සමුද්‍ර සහයෝගීතාව, පරිසරය , දේශගුණික විපර්යාස, ආරක්ෂක සහයෝගීතාව, නැවත ප්‍රවේශ කිරීම , කලාපීය සහ ජාත්‍යන්තර සහයෝගීතාව ඇතුලු ක්ෂේත්‍ර රැසක අදහස් සහ යාවත්කාලීන තොරතුරු සාකච්ඡා කර තිබේ.
එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත , අවලංගු කිරීම , මාර්ගගත ආරක්ෂණ පනත සංශෝධනය ,සුළු ජාතීන්ගේ අයිතිවාසිකම්, කාන්තාවන් ළමා හා කම්කරු අයිතිවාසිකම් , අල්ලස හා දුෂණයට එරෙහිිව සටන් කිරීමට ගෙන ඇති පියවර සහ අදහස් ප්‍රකාශ කිරීමේ සහ සංගමයේ නිදහස ඇැතුලු ප්‍රජාතන්ත්‍රවාදය , පාලනය, නීතියේ ආධිපත්‍ය සහ මානව හිමිකම් යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවේ මෑත කාලීන වර්ධනයන් පිළිබඳව ද මෙම කොමිසමේ අවධානය යොමුව ඇත.
තවද ප්‍රතිසන්ධාන ක්‍රියාමාර්ග ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා ගනු ලබන පියවරයන් මෙන්ම අතුරුදන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය , හානිපුරණය සඳහා වන කාර්යාලය , ජාතික සමඟිය සහ ප්‍රතිසන්ධාන සඳහා වන කාර්යාලය වැනි ස්වාධීන ආයතන ඉටු කරන කාර්යභාරය පිළිබඳව ශ්‍රි ලංකාව , යුරෝපා සංගමයට දැනුම් දී තිබේ.
නීති විරෝධී , වාර්තා නොකළ සහ නියාමනය නොකළ ධීවර පිළීවෙත් වැළැක්වීමේ සහ ඒ සඳහා අනුබල නොදීමේ මෙන්ම ධීවර ක්ෂේත්‍රයේ කැපවීම්වලට ගරු කිරීමේ අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශවය එකඟතාවය පළ කර ඇත.
එමෙන්ම Erasmus+ සහ Horizon Europe වැඩසටහන් හරහා උසස් අධ්‍යාපනය, පර්යේෂණ සහ තාක්ෂණික සහයෝගීතාවයේ හවුල්කාරිත්වය පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කර ඇති අතර පාරිසරික සහ දේශගුණික සහයෝගීතාව මෙන්ම සංක්‍රමණ සහ නැවත ඇතුළත් කිරීමේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු කර ගෙන තිබේ.
තවද GSP+ ක්‍රමය පිළිබඳ නව රෙගුලාසි සම්බන්ධයෙන් යුරෝපා සංගමය ශ්‍රී ලංකාව දැනුවත් කර ඇති අතර රටේ තිරසර සංවර්ධනය සඳහා GSP විශේෂ දිරි දීමනා විධිවිධානය ( GSP+) දක්වන දායකත්වය ශ්‍රී ලංකාව අගය කළ අතර වත්මන් චක්‍රය අවසන් වූ පසුව නැවත එම යෝජනා ක්‍රමය සඳහා අයදුම් කිරීමට අදහස් කරන බවද පවසා ඇත.ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව විශේෂයෙන් ත්‍රස්ත විරෝධී නීති සම්පාදනය කිරීමේ කටයුතු ඇතුලුව වත්මන් GSP+ යටතේ ඇති කැපවීම් කාලානුරුපීව ඉටු කිරීමේ වැදගත්කම යුරෝපා සංගමය අවධාරණය කර තිබේ.
තවද යුරෝපා කණ්ඩායම සමග ගෝලීය ද්වාර උපාය මාර්ගය ( Global Gateway) යටතේ වැඩිදුර ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට දෙපාර්ශවය එකඟ වී ඇති අතර යුරෝපා සංගමය ,එහි පෞද්ගලික අංශයේ සහභාගීත්වයට සහය වීම සඳහා දක්වන උනන්දුව සහ කැපවීම තහවුරු කර තිබේ.
එසේම මීළග ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම 2027 වර්ෂයේ බ්‍රසල්හි කැඳවීමට මෙම රැස්වීමේදී තීරණය කර ඇත.


