දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි
  • SocialShare:

මධ්‍යම, ඌව, නැගෙනහිර පළාත්වල සහ පොලොන්නරුව, හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි බවකාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව පළාතේත් අම්පාර, මඩකලපුව, නුවරඑළිය, මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කළහැක. උතුරු පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු පිළිබඳ ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ අංශය ඉල්ලා සිටී.