එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි මහතා සහ බලශක්ති අමාත්‍ය අතර හමුවක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි මහතා සහ බලශක්ති අමාත්‍ය  අතර හමුවක්
  • SocialShare:

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි මහතා (Khaled Nasser AI Ameri) ඊයේ (26) බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමු විය.

පසුගිය කාලවල විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ සබදතා වර්ධනට කර ගැනීම සම්බන්ධයෙන් ඇති කර ගත් එකගතාවල ප්‍රගතිය පිළිබදව සාකච්ඡා කිරීමත් අදාළ ක්ෂේත්‍රවල නව සබදතා ගොඩනගා ගැනීම පිළිබදවත් සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ විය.

තවද විශේෂයෙන් ත්‍රිකුණාමලය ආශ්‍රිත ප්‍රදේශය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය්‍ය අතර පසුගිය වසරේදී අත්සන් කළ එකගතා ගිවිසුම හා සම්බන්ධ ඉදිරි කටයුතුද මෙහිදි සාකච්ඡා කෙරිණි.

එමෙන්ම කලාපයේ බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමටත් මෙරට බලශක්ති අරමුණු ඉටුකර ගැනීම සදහා අවශ්‍ය සහයෝගය ලබාදීම ඇතුළු කාරණා රැසක් මෙම හමුවේදි සාකච්ඡා කෙරිණි.