ශ්‍රී ලංකාවේ වතු ක්ෂේත්‍රයේ නියුතු ජනතාව මුහුණ දෙන නිවාස සහ යටිතල පහසුකම් ගැටලුවලට තිරසාර විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක "ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ 4 වන අදියර" පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය ගරු වෛද්‍ය එච්. එම්. සුසිල් රණසිංහ මහතා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
2025 වසර තුළ ප්‍රතිලාභීන් 2,026 දෙනෙකු සඳහා සාර්ථකව නිවාස හිමිකම් පත් ලබා දීමට හැකි වූ අතර 2026 වසර තුළ ඉදිකිරීමට නියමිත නිවාස සංඛ්‍යාව සහ ප්‍රතිලාභීන් තෝරා ගැනීම සඳහා නිසි කාල රාමුවකින් යුතු සැලැස්මක් සහ එම ක්‍රියාවලිය පිළිබඳ මූලික සාකච්ඡාවක් මෙහෙදි සිදු විය.
ශ්‍රී ලංකාවේ වැවිලි ප්‍රජාව දීර්ඝ කාලයක සිට මුහුණ දෙන ආර්ථික, සාමාජික හා නේවාසික අර්බුදවලට ස්ථිර විසඳුමක් ලබා දෙමින්, ඔවුනට සුරක්ෂිත නිවසක් සහ අභිමානවත් නව ජීවිතයකට පිවිසීමේ අවස්ථාව උදාකර දීම තම අමාත්‍යංශවල ඒකාබද්ධ අරමුණ බව අමාත්‍යවරුන් දෙපළ මෙහිදී අවධාරණය කළහ.
මෙම අවස්ථාවට නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඇතුලු නිළධාරින් සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ඇතුලු නිළධාරින් පිරිසක් සම්බන්ධ විය.


