අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්ධ විමර්ශන වසර දෙකක් තුළ අවසන් කරන බවත් සමූහ මිනීවළවල් සම්බන්ධ විමර්ශනවලට අවශ්‍ය පරිදි මුදල් වෙන් කර තිබෙන බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මුලික විමර්ශන මණ්ඩල ප්‍රධානීන් සහ විමර්ශන මණ්ඩල පළමු කණ්ඩායම් සාමාජිකයින් දැනුවත් කිරීමේ ප්‍රථම පුහුණු වැඩසටහනට සහභාගී වෙමිනි.
සමාජ මාධ්‍ය තුළ කුමන ආකාරයේ වාර්තා පළ වුවත් නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැති බවත් සමාජ මාධ්‍යවල පළ කරන දේවල් පිළිබඳව ආණ්ඩුවේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් නීතිය සැමට සමාන බැවින් අධිකරණ අමාත්‍යවරයා සම්බන්ධයෙන් වුවද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ රාමුව තුළ විමර්ශනවල අරමුණු අවබෝධ කර ගැනීම, විමර්ශන මණ්ඩලවල කාර්යභාරය, අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ආයතනික සහාය, විමර්ශන ක්‍රියාවලියෙහි පියවර , විමර්ශන කටයුතු සහ මුලික විමර්ශන ප්‍රශ්නාවලිය ආදී කරුණු පිළිබඳව විමර්ශන මණ්ඩල ප්‍රධානීන් සහ විමර්ශන මණ්ඩල සාමාජිකයින් දැනුවත් කිරීම මෙම පුහුණු වැඩමුළුව තුළ සිදු කෙරිණි.
2018 වසරේදී මෙම කාර්යාලය ස්ථාපිත කර ඇති බවත් අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන් කොමිසම් සභා කිහිපයක් ක්‍රියාත්මක වී තිබෙන බැවින් මෙම කාර්යාලයට දත්ත පද්ධතියක් අත්‍යවශ්‍ය බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
එසේම උතුරු නැගෙනහිර අතුරුදහන් වු අය ගැන පමණක් නොව දකුණේ අතුරුදහන් වු පුද්ගලයන් පිළිබඳවද විමර්ශනය සිදු කරන බවත් මෙම පුහුණු කිරීම් සමග දකුණේද විමර්ශන කමිටු ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් 1988 – 89 සිදු වු අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරන අතර මෙහිදී උතුර දකුණ කියා බෙදිය යුතු නැති බවත් විමරශන කටයුතු අඛණ්ඩව සිදු විය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා
ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන නිසි පරිදි සිදු නොකරන බවට අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලයට චෝදනා එල්ලවී තිබෙනවා. එම චෝදනාවලට ප්‍රධාන හේතුව වන්නේ එවකට පැවති දේශපාලන තත්වය මිස මේ කාර්යාලයේ ප්‍රශ්නයක් නොවෙයි. අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලයට කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොමැති නිසා නිලධාරීන් 65 දෙනෙකු බදවා ගැනීමට කටයුතු කළා. මෙම කාර්යාලයේ විමර්ශන මණ්ඩල සාමාජිකයින් පුහුණු කිරීමට රුපියල් මිලියන 375 ක මුදලක් වෙන් කර තිබෙනවා. අතුරුදහන් වු පුද්ගලයින් සම්බන්ධයෙන් පැමිණිලි එකොළොස් දහසක් මේ වන විට මෙම කාර්යාලයට ලැබී තිබෙනවා. එම පැමිණිලි පන් දහසක විමර්ශන මේ වසර තුළ අවසන් කිරීමටත් පැමිණිලි සියල්ල සම්බන්ධයෙන් විමර්ශන ඉදිරි වසර දෙක තුළ අවසන් කිරීමටත් අපේක්ෂා කරනවා.
පැමිණිලි විභාග කිරීමේ මුලික අරමුණ වන්නේ අතුරුදහන් වු පුද්ගලයින්ට වන්දියක් ලබාදීම පමණක්ම නොවෙයි. ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය සම්බන්ධයෙන් යම් යුක්තියක් අවශ්‍යයි. යුද්ධය අවසන්ව වසර ගණනාවක් ගෙවී ගියත් අතුරුදහන් වු අයගේ ප්‍රශ්න විසදී නැහැ.
ඔවුන් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලින් පසුව අවශ්‍ය නම් වැඩිදුර විමර්ශන සිදු කිරීමට කටයුතු කරනවා. අතීතයේ සිදු වු වේදනාවන් මඟහැර මේ ජනතාවට විශ්වාසය ගොඩනැගීම රජයේ අරමුණයි.
සමුහ මිනී වළවල්වල කැණිම් කටයුතු සම්බන්ධයෙන් මේවනවිට ගෙන ඇති ක්‍රියාමාර්ගයන් සහ කැනීම් හා සම්බන්ධව ඩී.එන්.ඒ. පරීක්ෂණ පිළිබදව සිදුවන සාකච්ඡා පිළිබඳව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට අමාත්‍යවරයා මෙසේ පිළිතුරු ලබා දුන්නේය.
“අපි මේ සමුහ මිනී වළවල්වල කැණිම් කටයුතු සම්බන්ධයෙන් විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා. අවශ්‍ය ප්‍රතිපාදන නිසි පරිදි ලබාදීමටත් එම කැනීම් විනිදවිදව සිදු කිරීමටත් කටයුතු කර තිබෙනවා. විද්‍යාත්මකව විදේශිය රටවල සහායත් ලබා ගනිමින් අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමට පියවර ගන්නවා. ඒ අයටත් තමන්ගේ ආදරණියන්ට සිදුවු දේ පිළිබදව දැන ගැනීම අවශ්‍යයි. විමර්ශනවලදී වැරදි සිදු කර ඇති පුද්ගලයින් හෙලි වුවහොත් ඔවුන්ට දඩුවම් ලබාදීමට පියවර ගන්නවා. ඩී.එන්.ඒ. ඇතුළු තාක්ෂණික පරියේෂණාගාර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු ජාත්‍යන්තර සංවිධානවල සහායෙන් ලබා ගැනීමටත් කටයුතු කරනවා.


