ජාතික උත්තේජන මර්දන නියෝජිත ආයතනයේ නිල වෙබ් අඩවිය සහ ඖෂධ විමර්ශන ජංගම යෙදුම එළිදැක්වේ

ජාතික උත්තේජන මර්දන නියෝජිත ආයතනයේ නිල වෙබ් අඩවිය සහ ඖෂධ විමර්ශන ජංගම යෙදුම එළිදැක්වේ
  • SocialShare:

ශ්‍රි ලංකා උත්තේජන මර්දන නියෝජිත ආයතනයේ සිය නිල වෙබ් අඩවිය වන slada.lk සහ SLADA ඹෟෂධ විමර්ශන ජංගම යෙදුම DR (App) අද (21) ශ්‍රි ලංකා උත්තේජන නියෝජිතායතන ශ්‍රවණාගාරයේදී එළිදක්වන ලදි.

වෙබ් අඩවිය එළිදැක්වීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා සිදු කල අතර ජංගම යෙදුම එළිදැක්වීම ධාවන ශූරී යුපුන් අබේකෝන් සහ බර ඉසුලුම් ක්‍රීඩක දිසානායක යන මහත්වරුන් සිදු කළහ.

slada.lk වෙබ් අඩවිය හරහා තහනම් ද්‍රව්‍ය, උත්තේජක පාලන ක්‍රියාවලිය, වෛද්‍යමය අවශ්‍යතා සඳහා වන නිදහස් කිරීම් (TUEs) සහ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ වාර්තා කිරීම වැනි පුළුල් පරාසයක තොරතුරු ලබා ගත හැක.

මෙයට අධ්‍යාපනික මොඩියුල , බාගත හැකි අයදුම්පත් , ලෝක උත්තේජන මර්දන නියෝජිත ආයතනයේ (WADA) නවතම යාවත්කාලීනයන් සහ ශ්‍රි ලාංකික ක්‍රීඩකයන්ට මෙන්ම පුහුණුකරුවන්ට අදාළ මගපෙන්වීම ඇතුළත් වේ.මෙමගින් රට පුරා උත්තේජන මර්දන දැනුවත්භාවය ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ.

SLADA ජංගම යෙදුම මඟින් ක්‍රීඩකයන්ට සහ සහායක කාර්ය මණ්ඩලයට තමන් භාවිත කරන ඖෂධ WADA තහනම් ලේඛනයට ඇතුළත් දැයි ක්ෂණිකව පරීක්ෂා කර බැලිය හැක.එමඟින් නොදැනුවත්කම නිසා සිදුවන උත්තේජන නීති උල්ලංඝනය වීම් වළක්වා ගත හැකිය.

ඹෟෂධ ලබා ගන්නා ක්‍රමය (Route of administration) සහ ඒ අනුව එහි තහනම් කර ඇත්තේ කුමන වර්ගීකරණයක් යටතේද යන්න පිිළිබඳව සෙවීම,තරඟ සමයේ සහ ඉන් පිටතදී(Competition season) ඹෟෂධ භාවිතයේ පවතින නීතිමය තත්ත්වයන් දැන ගැනීමද මෙමඟින් සිදු කළ හැක.