දිට්වා සුලි කුණාටුව හේතුවෙන් ඇතිවූ හදිසි ආපදා තත්වය මත ගම්පොල කම්කරු කාර්යාලය පවත්වාගෙන යාමට නොහැකි ලෙස අවදානම් තත්වයක පවතින බැවින් 2026.01.09 දින සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කරන බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
එසේම ගම්පොළ කම්කරු කාර්යාලයෙන් ලබාගත් මහජන සේවාවන් ලබාගැනීම සඳහා මධ්‍යම කලාපය තුළ පිහිටි අනෙකුත් කම්කරු කාර්යාල වෙත යොමු වන ලෙස ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
තවද ගම්පොළ කම්කරු කාර්යාලය ගම්පොළ නගරාසන්නයේ ස්ථානයක ස්ථාපිත කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.


