ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්  මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට
  • SocialShare:

ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්.ජයශංකර් මහතා දෙදින නිල සංචාරයකට අද (22) පස්වරුවේ දිවයිනට පැමිණියේය.

අමාත්‍යවරයා , ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.-031 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය ශ්‍රි ලංකා නිල සංචාරය නිමා කරමින් මෙමස 23 වෙනිදා ආපසු පිටත්ව යාමට නියමිතය.