කොලොන්නාව ආසනයේ ශ්‍රම සතිය ඇරඹෙයි

කොලොන්නාව ආසනයේ ශ්‍රම සතිය ඇරඹෙයි
  • SocialShare:

දිවයිනට බලපෑ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් කොලොන්නාව ආසනයේ ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිතය  යථාතත්වයට පත් කිරීම වෙනුවෙන් සහ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් හානි වූ ස්ථාන පිළිසකර කිරීම් වෙනුවෙන් සංවිධානය කල ස්වේච්ඡා ශ්‍රම සතිය අද ( දෙසැ 04 ) ආරම්භ කෙරුණි .

කොලොන්නාව ආසනය තුල ජීවත් වන ප්‍රදේශවාසීන් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව, කෝට්ටේ, කොළඹ, මහරගම නගර සභාවන් හි ජනතාව ද මේ සඳහා එක්වීම විශේෂත්වයක් විය. පසුආපදා තත්වයන්ට මුහුණ දීමේ වැඩසටහන් යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන කොලොන්නාව නගරයෙන් ආරම්භ වූ අතර මේ අවස්ථාවට පැමිණි නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මෙසේ ප්‍රකාශ කර සිටියේය.

" අද මෙතනට ආපු හැමෝගෙන්ම මම ඉල්ලනවා, ඒ ඉන්නේ ඔබ කියලා හිතන්න. සමහර විට ඔවුනට ඉතුරුවෙලා ඇත්තේ ඇදිවත විතරක් වෙන්න පුලුවන්. ඔවුන්ගේ මානසිකත්වය ගැන හිතන්න. ඔබට ඔවුන්ව වැළද ගන්නවා වගේම ඔවුන්ව දරා ගන්නත් වේවි.අපිට සමහර දේවල් පටන් ගන්න වෙන්නේ බින්දුවෙන් නම් අපි එහෙම පටන් ගෙන තිබ්බට වඩා තැනකට ඔවුන්ගේ ජීවිත අරන් එන්න ඕන.

කොලොන්නාව ආසනයේ විතරක් නෙවෙයි, මුළු රටේම මිනිස්සු අනෙකා වෙනුවෙන් පෙළගැහිලා ඉන්නේ. තමන්ට පුලුවන් සෑම ආකාරයකින්ම ඔවුන් තම අසල්වැසියන් වෙනුවෙන් වැඩ කරනවා. අපි ආණ්ඩුවක් ලෙස මේ වෙලාවේ භාණ්ඩ, ද්‍රව්‍යාධාර කාලමණාකරනය කරනවා වගේම ඉතාමත් වටිනා ස්වේච්ඡා ශ්‍රම කළමණාකරනයත් කරන්න ඕන.

මේ දේශපාලන ව්‍යාපාරයට මේවා නුපුරුදු දේවල් නෙවෙයි. ගමේ සංවිධායකයා බිමට බහිද්දී එයාට තේරෙනවා කරන්න ඕන දේ මොකක්ද කියලා. සෑම නිළධාරියෙක්ගේම සහයෝගය අපිට ලැබෙන්න ඕනත් ලැබෙන්නෙත් අවංක මැදිහත්වීමකින් වගේම වුවමනාවකින් මේ පිරිස් මේ වන විටත් කටයුතු කරමින් ඉන්න නිසා.