ලබන වසරේ සිට බලශක්ති ක්ෂේත්‍රයේ නව පිම්මක් තැබීමට සූදානම් - බලශක්ති ඇමැති

ලබන වසරේ සිට බලශක්ති ක්ෂේත්‍රයේ නව පිම්මක් තැබීමට සූදානම්  - බලශක්ති ඇමැති
  • SocialShare:

ලබන වසරේ සිට බලශක්ති ක්ෂේත්‍රයේ නව පිම්මක් තැබීමට සූදානම් බව බලශක්ති ඇමැති ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය. අද(20) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දී බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


පසුගිය රජය විසින් සමාගම් 12කට වෙන් කිරීමට යෝජනා වී තිබූ විදුලි බල මණ්ඩලයේ 12,000ක් වූ විදුලිබල සේවකයන්ගේ සේවා අයිතිවාසික්ම තහවුරු කිරීමට රජය කටයුතු කළ බවද අමාත්‍යවරයා කීය.
මෙම වසරේ ඔක්තොම්බර් මාසය වන විට පුනර්ජනනීය බලශක්තිය ක්ෂේත්‍රය සඳහා සූර්ය පැනලවලින් පමණක් මෙගා වොට් 800ක් ජාතික පද්ධතියට එක් කර ගෙන ඇති බවත් 2024 දී එය මෙගා වොට් 533ක් පමණක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම වසර අවසානයේ එම ප්‍රමාණය තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකි වනු ඇතැයිද අමාත්‍යවරායා සඳහන් කළේය.

ඉදිරි වසර පහේ දී සූර්ය බල පද්ධතියෙන් මෙගාවොට් 5000 ක් විදුලිබල පද්ධතියට එක් කර ගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විදුලිබිලෙන් 80%කට වැඩි ප්‍රමාණයක් වැය වන්නේ විදුලිය ජනනය සඳහායි.ජනන වියදම අඩු කර ගත යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා ජනතා දේපළ විකුණා ආයෝජකයින් ගෙන්වා ගන්නවා වෙනුවට පුද්ගලික සහ රාජ්‍ය අංශය එක්ව public-private partnership ආකාරයට ආයෝජකයින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.එමගින් විනිවිද භාවය සහ තරඟකාරිත්වය වැඩිවන බවදඔහු සඳහන් කළේය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම වසරේ ඔක්තොම්බර් මාසයවන විට රුපියල් බිලියන 32 ක ලාභයක් ලබා ඇතැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.
සිලාවතුර මෙගාවොට් 50 ක සුළං බලාගාරයක් ස්ථාපිත කරන බවද
ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ස්මාර්ට් ග්‍රිඩ් රටපුරා ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා කීය.
ලබන වසරේ සිට අපේ රටේ විදුලිබල ක්ෂේත්‍රයේ නව පිම්මක් යන්න අපේක්ෂා කරනවා. ප්‍රතිසංස්කරණ නිසා තෙල් සංස්ථාව පසුගිය කාලයේ විශාල ලාභයක් ලැබුවා. ගෙවිය යුතු සියලු බදු මුදල් රජයට ගෙවා තිබෙනවා. ඒ් වගේම ලාභයෙන් රුපියල් බිලියන 5 භාණ්ඩාගාරයට ලබාදී තිබෙනවා. තෙල් පිරිපහදුව නවීකරණය කරන්න පියවර ගෙන තිබෙනවා. ජාත්‍යන්තර ආයතන 20 කින් මේ වනවිට ඒ් පිළිබදව ලිපි ලැබී තිබෙනවා. ලංකා ඛණිජ තෙල් නීතගත සංස්ථාව සතුව ටැංකි විශාල ප්‍රමාණයක් ත්‍රීකුණාමලයේ තිබෙනවා. අපිට 24 ක් තිබෙනවා. එහි සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා.

ගුවන් යානා සඳහා ඉන්ධන සපයන්න කටයුතු කර තිබෙනවා. ජාත්‍යන්තර ගුවන් යානා සඳහා තෙල් සැපයීම වෙනුවෙන් ගිවිසුම් 13 ක් අත්සන් කර තිබෙනවා. අපේ රටේ ජනතාවට අඩුම මිලට ලිහිසි තෙල් සපයන්න ඉදිරිපත් වී තිබෙනවා. ඒ් වගේම ඉලක්ක සපුරා ගැනීමට ක්‍රියකාරී සැලසුම සපුරා තිබෙනවා." යැයි පැවසීය.