ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී ඇත.
වස්සාන සෘතුවේ අවසන් පොහොය වන ඉල් පුර පසළොස්වක පොහොය බෞද්ධ ඉතිහාසයේ මෙන්ම සම්බුද්ධ ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස සැලකේ.
මෛත්‍රී බෝධී සත්ත්වයන් වහන්ස් නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, තුන් බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්ව බලා වැඩම කිරීම, අගසව් සැරියුත් නාහිමියන්ගේ පරිනිර්වාණය යන සිදුවීම් ඉල්පුර පසළොස්වක පොහොය දිනක සිදු ව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
පසුවස් පවාරණය සිදුකරන පොහොය දිනය මෙන්ම කඨින චීවර පුජාව කළ හැකි අවසාන පොහෝ දිනය ලෙසද ඉල් පුර පසළොස්වක පොහො දිනය සැළකෙයි.


