ජාතික දීපාවලී උත්සවය හැටන් මාණික්කපිල්ලෙයාර් කෝවිලේදී

ජාතික දීපාවලී උත්සවය හැටන් මාණික්කපිල්ලෙයාර් කෝවිලේදී
  • SocialShare:
හෙටට (20) යෙදී ඇති දීපාවලී උත්සවය සිහිපත් කරමින් ජාතීක දීපාවලී උත්සවය අද පෙරවරුවේ හැටන් ශ්‍රී මාණික්කපිල්ලෙයාර් හින්දු කෝවිලේදී පැවැත්විය.

ඒ  බුද්ධශාසන, ආගමික හා සංස්තකෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙනි. කෝවිලට පැමිණි පිරිස පිළිගනු ලැබුවේ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන නියෝජනය කරන හින්දු භක්තික නිලධාරීන් විසිනි.
මෙහිදී මාණික්ක පිල්ලෙයාර් හින්දු කෝවිලේ ප්‍රධාන පූජක ශිව ශ්‍රී සත්ගුණ සංමධුර කුරුක්කල්තුමා විසින් ජාතික දීපාවලී උත්සවයට පැමිණි ආරාධිතයන් වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක් පවත්වනු ලැබීය.