සෑම වසරකම ඔක්තෝබර් 08 වන දින ජාතික විශ්‍රාම දිනය සමරන අතර මෙවරත් ජාතික දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.
මෙවර වැඩසටහනේ තේමාව වනුයේ සවිමත්, සුවපත්, දිරිමත් දිවියක් යන්නයි.
මෙවර ජාතික විශ්‍රාම දිනයේ ප්‍රධාන වැඩසටහන අද (08) කැලණිය වෙදමුල්ල විශ්‍රාමික නිකේතනයේ උදෑසන08ට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ එච් එම් එච් අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දවස පුරා පැවැත්වේ.
මෙම වැඩසටහනේ අංග ගණනාවක් පවතින අතර දිවයින පුරා විසිරී සිටින විශ්‍රාමික ප්‍රජාව නියෝජනය කිරීමට කොටසක් එම ස්ථානයට කැදවා ඔවුන් වෙනුවෙන් විශේෂ වෛද්‍ය සායනයක් ද පැවැත්වීමට නියමිතය. විශ්‍රාාමික මහත්ම මහත්මීන් අතරින් තෝරාගත් පිරිසකගේ දක්ෂතා එනම් ගීත ගායනා සහ වෙනත් කුසලතා ඇති අයගේ දක්ෂතා එළිදැක්වීමට ද කටයුතු සූදානම් කර ඇත.
විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් වෛද්‍යවරයෙකු ගෙන්වා දේශනයක් පැවැත්වීමටද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් පළ කළ විශ්‍රාමික තොරතුරු ඇතුලත් පුවත්පතක් එළිදැක්වීමටද නියමිතය.
දවස පුරා මෙම උත්සවයට සහභාගී වන මහත්ම මහත්මීන්ට දවසට අවශ්‍ය කරන සත්කාරක සේවා ද සූදානම් කර ඇත. මීට අමතරව ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම ඔවුන්ට පුළුවන් මට්ටමෙන් මෙම වැඩසටහන සංවිධානය කිරීමට උපදෙස් ලබාදී ඇති අතර දිවයින පුරා විසිරී සිටින විශ්‍රාමික සංගම් වලත් ආධාරයෙන් මුළු දිවයින පුරාම විවිධ වැඩසටහන් අද දිනයේදී සංවිධානය කර ඇත.


