ජනතාවට තව දුරටත් විදුලිබිල සහනයක් ලබා දීමට නම්, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කළ යුතුයැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කර්මාන්තවලට හිතකර වාතාවරණයක් සාදා දීම මේ ඔස්සේ සිදුකළ හැකි බවද අමාත්‍යවරයා පැවසීය.
විදුලිබල මණ්ඩලයේ සේවකයන් 50% ක් දක්වා කප්පාදු කර සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය කිරීමට පසුගිය රජයන් ක්‍රියාත්මක වූ බවත් එහෙත් වර්තමාන රජය 100%ක් රජය සතු සමාගම් 04ක් පිහිටුවා ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විදුලි ජනනය , සම්ප්‍රේෂණය, බෙදා හැරීම සහ මෙහෙයුම් සඳහා සම්පූර්ණයෙන්ම රජයට අයත් ප්‍රධාන සමාගම් 04ක් ඇති කිරීමට රජය කටයුතු කර ඇති බවත් මීට අමතරව අවශ්‍ය පරිවර්තන කටයුතු සිදු කිරීමට තාවකාලිකව සමාගම් 02ක් පිහිටුවන බවද පැවසීය.
විදුලිබල මණ්ඩලයේ කිසිදු සේවකයෙක් ඉවත් කිරීමට සූදානම් නොමැති බවත් නමුත් කිසියම් සේවකයෙක් මොනයම් හේතුවක් මත හෝ මේ සමාගම්වලට සේවයට බැදීමට අකමැති නම් ඔවුනට රුපියල් ලක්ෂ 09 සිට ලක්ෂ 50 දක්වා වන්දියනක් ලබා දීමට කටයතු කරන බවද හෙතෙම පැවසීය.
විදුලි බල මණ්ඩලය නවීකරණය කර ප්‍රතිව්‍යුහගත කර විද්‍යානුකූලව සදා ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම තම රජයේ අරමුණ බවත් මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ බොහෝ සේවකයින් හොඳින් තේරුම් ගෙන පැහැදිලි අවබෝධකින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.
විදුලිය බිද වැටීමකට රජය කිසිසේත්ම සූදානම් නොමැති බවත් මෙය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති බවත් විදුලිය අඛන්ඩ සැපයුමක් සහතික කිරීම රජයේ වගකීමක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


