බිනර පුර පසළොස්වක පොහොය අදයි

බිනර පුර පසළොස්වක පොහොය අදයි
  • SocialShare:

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට(07) යෙදී තිබේ.

භික්ෂුණී ශාසනය ආරම්භ වන්නේ බිනර පුන් පොහෝ දිනකයි.  කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීම මෙම පොහෝ දිනයේ සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදු  රජාණන්  වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදි කිරීමත්,  බුදු  රජාණන් වහන්සේගේෙ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමත්  බිනර පොහෝ දිනයේදී සිදුවී තිබේ. 

අදට යෙදී තිබෙන බිනර පුන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන්  රැසක් සංවිධානය කර තිබේ.