සිව් දින නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජනරාල් සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ඇතුලු දූත පිරිස අද (06) දිවයිනට පැමිණි අතර විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා එම දූත පිරිස පිළිගෙන තිබේ.
එසේම ආණ්ඩුකාරවරියගේ මෙම සංචාරය අතරතුර ඇය ද්වීපාර්ශ්වික සාකච්ඡා කිහිපයකටද එක්වීමට නියමිත වේ.
ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍යවරයා වන Richard Marles මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම සහ එරට විදේශ අමාත්‍ය Penny Wong මහතා සහ විජිත හේරත් මහතා අතර මැලේසියාවේ දී පැවති හමුවීම ඇයගේ මෙම සංචාරයට පසුබිම් වන බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.
එසේම ආණ්ඩුකාරවරිය අද සිට 10 වැනි දින දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටත් නියමිත ය.එහිදී බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ඕස්ට්‍රේලියාව සහය දක්වන ව්‍යාපෘති කිහිපයක් ද ඇය නිරීක්ෂණය කරනු ඇත.
මෙම සංචාරයේ දී ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ සොයා බැලීම අරමුණු වේ.


